Thursday, June 2, 2016

මම සැමදා කෝවලන්ගේමය මාධවී

මා පිදු ආලයට
ඔබ ඇවිත් සිටියාට
මම වෛර නෑ මාධවී


එදා මගේ ළැමේ ගුලිවුණු
ඔහු ඔබ ළග වූවාට
මගේ ළය පැලුණෙ නෑ මාධවී


එදා මා ළගම හිද පෙම්බස් දෙඩුව ඔහු
ඔබ ළගට වී ඉද්දී
දුක නොදැනුනාම නොව මාධවී


මගේ සැනසුම ඔහු වුවත්
ඔහුගේ සුව ඔබ ළගනම්
මම ද්වේශ නෑ මාධවී


පතිවත රැක ඔහුගේ උවද
ඔබ දෙපලගේ දුව මණිමේඛලා වුවත්
මම මවක් වූයේ නෑ මාධවී


ඔහු ඔබට පෙම් බැන්දත්
හදවත හඩා වැටුවත්
මම සැමදා කෝවලන්ගේමය මාධවී


.....සේයා......

No comments:

Post a Comment