Friday, June 3, 2016

අහිමි පෙම

නුවර වැව හාදු දෙයි
අපි දිහා බලාගෙන

ඔබව සිප ගන්න බෑ
මගෙ නොවෙයි ඔබ තාම


වැව් බැම්ම සිප ගද්දී
සිසිල් දෝ පැන් දහර

අප දෙසම බල බලා
හනි හනික ඔච්චමට 


ඔබේ ඔය උර මතට
ළං ළංව සිටියාට
මා කෙලෙස පිළිගම්ද
ඔබ මගේ නොවන වග


ආදරෙයි ඔය හිතට
රත්තරන් හැමදාම
ළංව හිද සිනාසෙමි
අපි අපේ නොවුනාට

 
.......සේයා........

No comments:

Post a Comment