Friday, June 3, 2016

සිතින් මා පතනා


අමිහිරිය හැඟුමන් ලොවට
මිහිරි යැයි හැඟෙනා
මටම මිහිරි යැයි හැඟෙනා 


ඔබට ලං වෙමිනා
මගේ ගුණ අසනා
සුන්දරයි සිතෙනා
ඔබ මගේමයි සිතින් මා විඳිනා 


කඳුලු පිසලමිනා
හදට සිසිලසිනා
ඔබේ සෙනෙහස
මගෙයි මා සිතනා 


සිතින් මගේ වෙමිනා

නළල සිප ගනිමිනා
සැනසුමන් ගෙනෙනා
ඔබේ උරමත
සිතට සුව ගෙනෙනා 


සතුට මට ගෙනෙනා
ඔබ මගේ යැයි
සිතින් මා පතනා
අපිට අපි අපේ යයි හැඟෙනා


......... සේයා......

No comments:

Post a Comment