Thursday, June 9, 2016

නොහැගෙනා ලෙස නුඔ ඉදින්

සුසුමන් හෙමින් විත්
සැතපී මගේ ළය
දෝරේ ගලනා
සෙනෙහසින්


මුමුනනා කව
ඔබට හැගුනත් 

නොහැගෙනා ලෙස
නුඔ ඉදින් 


සුන්දරයි පෙම
කවුරු කීවද
රිදුම් පමණයි
එ් පෙමින්


නොලැබුනත් ඔබ
හදේ රැදෙනා
සොදුරු කවියකි
ආදරෙන්........


.....සේයා.....

පෙම්බරී

ඔමරි පපා මුකුළු කරන මගෙ සුන්දර පෙම්බරී
දගර දමා කැරකි කැරකි මගෙ පස්සෙන් වැටි වැටී
කොමළ කතා කොපුල් සිනා පිරි රුවැතිය පෙම්බරී
මනමාලයි එ් බැල්මන් නුඔ දකිද්දී හිතවතී

සොදුරු හැගුම් මට ගෙනාපු මගෙ සුන්දර සමනලී
හුදකලාව මකාලන්න දෙයියෝ දුන්න සුන්දරී
සොදුරු සිනා මන බන්දයි දුකක් නොදෙමි සුරතලී
මගෙ අහසට එළිය දියන් පෙම්බර මගෙ සදවතී

.....සේයා.......

Friday, June 3, 2016

සොදුරු මතක

ඔබ මා හමුවුන
නා ගස ළග
නාමල් සුවද තවත් එලෙසයි
නමුදු අද මා පමණයි

දෑත පටලා ආදරේ කෙරු
සිනා සීලා කොමල කම් කෙරු
තාම සුවදයි ඒ අතීතය
නමුදු මා පමණයි

ඔබෙ අවමන් දරා ගනු බැරි
කදුල මා ළග රගන
අද මම ම පමණයි එහි රැදුණු
තාම සුවදයි නා සෙවන ළග
නමුදු මා පමණයි

එ් අතීතය තාම මට සුවදයි
තාම මා ළගමයි

......‍සේයා.......

මගේ අක්කාට















මා ආදා අම්මගේ තුරුලට
තරහ වී කොනිත්තන් ඇති
ආයෙ ටිකකින් සිනහ වීලා
මගේ මුව සිප ගන්ඇති



පුංචි දේටත් රණ්ඩු වීලා
ගහ මරාගෙන ඉන්ඇති
ආයෙ මගෙ නංගියෝ කියලා
ආදරෙන් ළං වෙන්ඇති

හොරෙන් ඇවිදින් මගේ හොර වැඩ
සොයා අම්මට කියනැතී
ඒවා අහලා උරණ වීලා
අම්මා කෝපව බැන වදී

කව්ද කුමරෙක් ඇවිත් අක්කව
අපේ තුරුලෙන් ගෙන ගියේ
එදා ඉදිලා මාව තනිවී
ඇතැයි දැන් දැන් ම‍ට සිතේ

අපිව අතහැර දුරු රටක ගොස්
ඇත් වීලා ඉන්ඇති
ඒත් අක්කේ නිතර සිහිවෙයි
ඔබේ නංගිට සැමවෙලේ

අක්ක ජීවිතෙ ජය ගත්තවිට
බොහෝ සතුටක් ම‍ට දැනී
වෙන චරිත අදහන්ට කුමටද
අක්කා මට හොදටම ඇතී

.........සේයා.......